ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිකම ජනාධිපති රනිල්ට

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමට නියමිත බව තතුදත් ආරංචි මාර් ග කියයි. ලබන සතියේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන සමුළුවේ දී මෙම පත්කිරීම සිදුවනු ඇතැයි කියති.
ආසියානු සංවර්ධන බැංකුවේ වාර් ෂික සමුළුව මෙම මස 26 සිට 30 දක්වා මැනිලා නුවර දී පැවැත්වෙයි.
මෙම මස 27 දා ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ මහතගේ අවමගුලට ටෝකියෝ නුවර දී සහභාගී වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරට ගොස් ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගී වීමට නියමිත ය.
