ර්සව පාක්ෂික පාලනයකට නොඑන සජබට සභාපතිකම් දෙන්න බෑ – ආණ්ඩු පක්ෂයෙන් විරෝධයක්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි ර්සව පාක්ෂික ආණ්ඩුවට හෝ ර්සව පාක්ෂික පාලනයකට හෝ සහය නොදී ආණ්ඩු පෙරළීමේ දේශපාලනයක යෙදී සිටින සමගි ජන බලවේගයට පාර් ලිමෙන්තුවේ වැදගත් කමිටුවල සභාපති තනතුරු ලබා නොදිය යුතු බවට ආණ්ඩු පක්ෂය තුළ බරපතළ විරෝධයක් මතු වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර් ග කියයි.

පාර් ලිමේන්තු කමිටුවල ඇතැම්  සභාපති තනතුරු විපක්ෂයට දීමට යෝජනා වුයේ රටේ පවතින අර්බුදයට මුහුණ දීමට ර්සව පාක්ෂික පාලනයක් ගොඩ නැගීමේ පියවරක් ලෙස බවත්, එයට සහය නොදී ආණ්ඩු පෙරළීමේ න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කරන සමගි ජන බලවේගය දැනට දී ඇති තනතුරු ද උපයෝගී කරගෙන ඇත්තේ ආණ්ඩුවට පහර ගැසීමට බව ද එම විරෝධය දක්වන පිරිස ප්‍රකශ කරන බව කියති.

ර්අබුදයෙන් රට ගොඩ ගැනීමට ආණ්ඩුවට සහය දෙන බව ප්‍රකාශ කරන නමුත් ඔවුන් දිගට ම කරමින් සිටින්නේ ආණ්ඩුවට එරහිව සියලු ආකාරයෙන් කටයුතු කිරීමේ සහ කඩා කප්පල් කිරීමේ ක්‍රියාවල බව ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින්ගේ මතය වී තිබේ.

සමගි ජන බලවේගය තනතුරු ඉල්ලන්නේ සහය දීමට නොව වැඩ කඩාකප්පල් කිරීමට බව ඔවුහු කියති.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර් ය ර්හෂ ද සිල්වා මහතාට ලබා දී ඇති රාජ්‍ය මුදල් කමිටු සභාපති ධුරය ද ඔවුන් යොදා ගෙන ඇත්තේ රජය අපහසුතාවට පත් කිරීමට බවත්, ඒ මහතාට නිදහසේ කටයුතු කිරීමට ඉඩ නොතබමින් විපක්ෂය විවිධ බලපෑම් කරමින් ර්හෂ ද සිල්වා මහතා ද අපහසුතාවයට පත් කරමින් සිටින බවත් ආණ්ඩු පක්ෂයේ උදවිය කියති.

පාර් ලිමෙන්තුවේ අධීක්ෂණ කමිටු සභාපති ධුර විපක්ෂයට ලබා දීමට යෝජනා වුයේ ර්සව පාක්ෂික පාලනයක් ගොඩ නැගීමට බවත්, එම අරමුණ ඉටු නොවන්නේ නම් තනතුරු දීම නොකළ යුතු බවත්, එම අදහස ප්‍රකාශ කරන පිරිසගේ අදහසයි.

කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරු විපක්ෂයට දීමට ආණ්ඩුව පොරොන්දු වී නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද පසුගිය දා ප්‍රකාශ කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *