මහ බැංකුවේ විරෝධය ඉවත දමා විවෘත ගිණුම් ක්‍රමයට සීමිත අවසරයක්

විවෘත ගිණුම් ක්‍රමය යටතේ භාණ්ඩ ආනයනය සම්පුර්ණයෙන් තහනම් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් එම ක්‍රමය යටතේ ගෙන්වීමට බලපත්‍ර ක්‍රමයක් යටතේ අවසර දීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.
බඩඉරිඟු, සොයා, සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් මෙම ක්‍රමය යටතේ ගෙන්වීමට අවසර දී ඇත්තේ, කෘෂිර්කම අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලබාගන්නා බලපත්‍ර ක්‍රමයක් යටතේ ය.
මුදල් ඇමතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ ගැසට් පත්‍ර නිකුත් කොට ඇත.
කුකුළු මස්, බිත්තර , සහ සත්ව ආහාර නිෂ්පාදකයින්ගේ ඉල්ලීම මත මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මහ බැංකුවේ මතය වී ඇත්තේ, විදේශ විනිමය බැංකු ක්‍රමය තුළින් ගෙන්වා ගැනීම සඳහා විවෘත ගිණුම් ක්‍රමය සම්පුර්ණයෙන් තහනම් කළ යුතු බව යි.
මුදල් අමාත්‍යාංශය එම අදහස ප්‍රතික්ෂේප කොට තිබේ .
