චීන ණය ගැන නිල නොවන සාකච්ඡා ලබන සතියේ ජපානයේ දී

 

ශ්‍රී ලංකවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීන රජයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් ලබන සතියේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දේශපාලන ආරංචි මාර් ග කියයි. එමෙන් ම ජපන් රජය සමග ද සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බව ද කියති.

ජපානයේ හිටපු අගමැති ශින්ෂෝ අබේ මහතාගේ අවමගුල් උළෙල පවත්වන මෙම මස 27 දා ආසන්න දිනවල මෙම සාකච්ඡා යොදාගෙන තිබේ.

එම අවමගුල් උළෙලට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අතර එයට චීන, ඉන්දියානු සහ වෙනත් රටවල රාජ්‍ය නියෝජිතයින් සහභාගී වීමට නියමිත ය. එම අවස්ථාවේ මෙම අදහස් හුවමාරු කරගැනීමේ සාකච්ඡා කිරීමට සැලසුම් කොට තිබේ.

ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට මුලිකත්වය ගන්න ලෙස ජපන් රජයෙන් ඉල්ලා සිටීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතර කටයුතු කරනු ඇති බව ද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික නොවන ණය හිමියන් දැනුවත් කිරීමේ සමුළුවක් මෙම 23 දා පැවැත්වෙයි.

ජපානයේ දී ප්‍රධාන අවධානය යොමුවනු ඇත්තේ ද්විපාර්ශවික ණය හිමියන්ගේ සාකච්ඡා ආරම්භ කිරීම බව අපගේ ආරංචි මාර් ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *