කිව් ආර් ක්‍රමය යටතේ ඉන්ධන පරිභෝජනය සියයට 40 කින් අඩුවෙයි

 

ඉන්ධන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කොට ඇති කිව් ආර් ක්‍රමවේදය යටතේ රට තුළ ඉන්ධන භාවිතය සියයට 40 කින් පමණ අඩු කරගත හැකි වී ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය කියයි.

මීට පෙර පැවති ඉන්ධන පාවිච්චිය අනුව මෙරටට ඉන්ධන ආනයනයට මසකට ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය වුව ද, මේ වන විට එම අවශ්‍යතාවය ඩොලර් මිලියන 350 දක්වා අඩු කරගත හැකි වී තිබේ.

කෙසේ වෙතත්, ත්‍රී රෝද රථ රියදුරන් ඇතුළු ඇතැම් පිරිස් ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැති බවට විරෝධතා පළ කොට තිබේ.

එසේ වුව ද, අවශ්‍ය තරම් ඉන්ධන නිදහසේ ලබා දීමේ හැකියාවක් මේ මොහොතේ නැති බව අමාත්‍යංශයේ බලධාරීහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *