ලසන්ත ඝාතනය: බුද්ධි අංශ නිලධාරීන් 63ගේ ගිණුම් පිරික්සන්න අවසර

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා ඇතුළු බුද්ධි අංශ නිලධාරින් 63 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට ගල්කිස්ස උසාවිය අද(11දා) රහස් පොලීසියට අවසර ලබාදී තිබේ.

 ‍රහස් පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර කන්දේගෙදර ප්‍රියවංශ නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇතුළු 63 දෙනෙකු ආයතන 32ක පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ වාර්තා ලබා ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා වීරසිංහ මහත්මිය අවසර ලබා දී තිබේ.

මේ අතර මෙම ඝාතන සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද උසාවියට ගෙනඑනු ලැබුවද ඔහු තවමත් අසනීප තත්ත්වයෙන් සිටි නිසා නඩුව ලබන 25 දක්වා කල්තැබිණි.

ඒ දක්වා සැකකාර හමුදා බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

එසේම පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ උසාවියේ පැවැත්වෙන නඩුවකට සැකකරු ඉදිරිපත් කිරීමට ද උසාවිය අද රහස් පොලීසියට අවසර ලබාදෙන ලදී.

SRILANKAMIRROR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *