මහින්දානන්ද, කෙහෙලි, දුලුම් හා ලොහාන් දොට්ට ?

මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නව ආසන සංවිධායකවරුන් 4දෙනෙකු පත්කර කිරීමේ සූදානමක් ඇතිබව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. වැඩිදුරටත් සඳහන් වන්නේ නව ආසන සංවිධායවරුන් ලෙස පත් කිරීමට නම් 4 ක් යෝජනා වී ඇති බව ය. හිටපු පාර්ලිමේතු මන්ත්‍රිවරයෙක් ඇතුලු පලාත් සභා මංත්‍රිවරුන් වන මොවුන් කලක් ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ලිබරල් පක්ෂය නියෝජනය කළ අතර අනික් පුද්ගලයා පලාත් සභාව නියෝජනය කරන සන්ධාන මංත්‍රිවරයෙකු බව කියැවේ.
මේ අනුව මහින්දානන්ද, කෙහෙලි, දුලුම් හා ලොහාන් දොට්ට යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමේ අවස්ථාව අහිමිවන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *