පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ගැටළු තරමක් විසඳෙයි !

මහින්ද රාජපක්ෂ රජය ආරම්භ කළ ව්‍යාපෘති අතර මහත් ආන්දෝලනයට ලක් වූ පොර්ට් සිටි ව්‍යාපාතිය නවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා මැතිවණයට පෙර පැවසූ නමුත් එය නැවත ආරම්භ කිරීම පිළිබඳව ඇතැම් දේශපාලන හා සිවිල් සංවිධාන විරෝධය පළකරන බව මාධ්‍ය තුළින් දැනගන්නට ඇත. රජයක් විසින් ඇතිකර ගන්නා ලද ගිවිසුමක් අවලංගු කරන්නේ නම් මෙතෙක් කර ඇති වියදම් ගෙවීමට සිදුවන හෙයින් මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට රජය තීරණය කළ බව මෙයට සම්බන්ධ නීතිඥයෙකුගෙන් වමේ හඬ කළ විමසීමක දී දැනගන්නට ලැබුණි.
රාජපක්ෂ පාලනයේ එකගතාවයට අනුව යම් භූමි ප්‍රමාණයක් සින්නකරව චීන සමාගමට දෙන්නට නියමවී තිබුනත් එය 99 අවුරුදු බදු යටතේ ලබාදීමට එකගතාවයක් දැන් ඇතිකර තිබෙන අතර තව කෙටසක් 37 වසරක බද්දට ලබාදීමට ගිවිසගෙන ඇති බව ද උක්ත නිතිඥයා පැවසී ය.
රාජපක්ෂ පාලනය ලබාගෙන තිබූ පාරිසරික අගැයීම් වාර්තාව වෙනුවට නව වාර්තාවක් ලබාගන ඇති බව පැවසූ එම නීතිඥයාගෙන් දැනගන්නට ලැබුනේ පාරිසරික ගැටලුව සම්පූර්ණයෙන් විසඳි නැති බව ය. විශේෂයෙන්ම ව්‍යාපෘතිය ආසන්නයේ ඇති කොරල් පරය, මුහුදෙන් වැලි පොම්ප කිරීමෙන් ඇතිවන බලපෑම මෙන්ම, ගල් හා පස් ලබාගැනීමෙන් රට අභ්‍යන්තරයේ පරිසරයට වන බලපෑම අවමකරගැනීමේ ගැටලු පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මෙයට අමතරව ධිවර ජනතාවට වෙන බලපෑම ද මේ අතර පවතින බව සඳහන් කළ ඔහු මෙම අයහපත් බලපෑම සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි නමුත් එය අවමකරගත යුතු බව අවසාන වශයෙන් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *