රණවිරු රියල් ස්ටාර් සංහිඳියාවට
යුද්ධය වර්ණනා කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ රූපවාහිණි යේ විකාශනය වූ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන නැවැත්වීමට එරෙහිව හමුදාව තුළින් එන බලපෑම් නිසා නැවත විකාශනය කිරීමට බලධාරිහූ තීරණය කළ බව පසුගිය දිනවල වාර්තා විය.
නව ආණ්ඩුව බලයට පත්කිරීමට පෙළගැසුනූ සංවිධානවල විරෝධයට ලක් වූ මෙම තීරණය පිළිබඳ නැවත සිතා බැළිමේ ප්‍රතිඵලයක් ලෙස අතරමැදි විසඳුමක් ලෙස යුද්ධය වර්ණනා කිරීමට නොව සංහිදියාව තේමාකරගෙන උක්ත වැඩසටහන ඇරඹීමට නියමිත බව දැනගන්නට ඇත.
්
