ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, කුහකකම පැත්තකින් තියල මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදෙන්න එක`ග වෙන්න – ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසූරිය

‘ශ‍්‍රී ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අවශ්‍යද?’ යන වග අද සමාජය ඉදිරියේ කථිකාවට ඇවිල්ලා තියෙනව. මේ තේමාව මුළු රටේම කතාබහට ලක්වෙලා තියෙන තේමාවක්. මේ පිළිබඳව සමාජයේ විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනව. ඒ මත වලින් වැඩිහරියක් ම ඇවිල්ල තියෙන්නෙ මේ පෟද්ගලික වෛද්‍ය විද්‍යාල, එහෙමත් නැත්නම් මේ වෛද්‍යවිද්‍යාල කඬේ, නැත්නම් හොර උපාධි කඬේ වහල දාන්න කියල තමයි  හඬක් මතුවෙලා තියෙන්නෙ. මේකට විරුද්ධව කතා කරන එක, සමාජ රටාවක් වෙලා තියෙනව. නමුත් මේ රටේ මේ වෛද්‍ය අධ්‍යාපනය හැරුණුකොට, පෞද්ගලික විද්‍යාලවල සියයට අනූපහක්ම තියෙන්නෙ අනෙක් අනෙක් ක්‍ෂේත‍්‍රයන්ගෙ විශ්ව විද්‍යාල. ගණකාධිකරණය වෙන්න පුළුවනි, එහෙමත් නැත්නම් ඉංජිනේරු විද්‍යාව වෙන්න පුළුවනි මේ වගේ පෞද්ගලික ආයතනවල උපාධි අධ්‍යාපන ආයතන පවත්වනු ලබනව.  ඒ විතරක් නෙමෙයි පිටරට විශ්වවිද්‍යාල බර ගණනක් මේ රටේ අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනව. ලන්ඩන් උපාධිය සඳහාත් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුරුදු කරනව. නමුත් ඒ කිසිම විද්‍යාලයකින්, වෛද්‍ය විද්‍යාලයට එනව වගේ තර්කයක් ඇවිල්ල නැ. නීති උපාධිය දෙනකොට මේක හොර කඩයක් මේක වහල දාන්න කියල කවුරුත් කෑගහල නැ. ගණකාධිකරණය පිළිබඳව උපාධියක් දෙනකොට මේක හොර කඩයක් මේක වහල දාන්න කියල කවුරුත් කෑගහල නැ. ඒ වගේම තමයි අනෙකුත් වෘත්තීන්ටත්.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැම්ම. දැන් කවුද මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නෙ? ලංකාවේ දෙමාපියන්ගෙ දරුවො. සමහර දෙමවුපියො වෛද්‍යවරු වෙන්න පුලූවනි. සමහරු නීතිඥයො වෙන්න පුලූවනි. සමහරු වෙනත් වෙනත් වෘත්තීන්වල වෙන්න පුලූවනි. සමහරු ගරුවරු වෙන්න පුලූවනි, සමහරු විදුහල්පතිවරුන් වෙන්න පුලූවනි. ඒ අයගෙ ¥ දරුවන් තමයි මේ වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගන්නෙ. මේ වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්නෙ කල්ලතෝනි නෙමෙයි. ලංකාවෙ දෙමාපියන්ගෙ ළමයි තමයි ඉගෙන ගන්නෙ. මේ වෛද්‍ය උපාධියක් පිටරටකදි ගන්න කොයිතරම් වියදම් වෙනවද? ලන්ඩන් නුවර ගිහින් වෛද්‍ය උපාධියක් ගන්න නම් මිලියන 50 ක විතර මුදලක් යනව. ඊට වැඩිය හොඳයි වෛද්‍ය උපාධිය නොගෙන ඒ මුදල් බැංකුවෙ දාගෙන හිටිය නම්. වෛද්‍ය උපාධියක් නැතත් සැපසේ ජීවත් වෙන්න පුලූවන්.
වෛද්‍ය උපාධියක් ගන්න නොයෙක් රටවල මිලියන තිහක්, හතලිහක් වියදම් වෙනව. අවම වශයෙන් මිලියන 20ක් විතර වියදම් වෙනව. පිටරට විශ්වවිද්‍යාල වලට යැවිය නොහැකි අහිංසක දෙමාපියන්ගෙ ¥ දරුවන් පිරිසක් තමයි මේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්නෙ. ඒ අයගේ අධ්‍යාපනය තහනම් කරන්න කියල තමයි මේ හඬ නගන්නෙ. ඉන්දියාවෙ වෙන්න පුලූවන්, පකිස්තානෙ වෙන්න පුලූවන්. බංගලාදේසෙ වෙන්න පුලූවන් ඒ වගේ රටවල් වලටත් මේ රටේ වෛද්‍ය ශිෂ්‍යයො ගිහින් ඉගෙන ගන්නව. ඔය මඩු ගහගෙන, හොර කඩ කියල කෑගහන උදවිය මේ රටවල්වලට ගිහිල්ලා බලල තියෙනවද මේ අය අධ්‍යාපනය ලබන්නෙ කොහොමද කියල?  නෑ කවුරුත් ගිහිල්ල බලලත් නෑ. කවුරුත් ගිහිල්ල අහලත් නෑ. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගිහිල්ල බලලත් නෑ. කවුරුහරි වාර්ථාවක් දුන්නා නම් ඒ කොලේ බලල තමයි තීරණ අරගෙන තියෙන්නෙ.
මේ රටේ වෛද්‍ය විද්‍යාල 250කට අධික සංඛ්‍යාවක් සම්මත වෙලා තියෙනව පිටරටවල ඒ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇවිල්ල ලංකාවෙ ‘ඇක්සිස්ටීන්’ කියන සුලූ විභාගයකට පමණක් මුහුණ දීල ඒ අයට පුලූවන් වෛද්‍යවරු හැටියට කටයුතු කරන්න. ඇයි මේ ලංකාවෙ ළමයින්ට අවසරය දෙන්න බැරි? මේ ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, මේ දුප්පත් දෙමාපියන්ගෙ ¥ දරුවන්ට ඇයි ඒ අවසරය දෙන්න බැරි? ඇයි ඒ නොහැකියාව, ඇයි ඒ අවස්ථාව ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයින් කරන්නෙ?  කිසිකෙනෙක් සැකයක් හිතා ගන්න එපා. මගෙ දුවෙක්වත්, පුතෙක්වත් නෑ, අවම වශයෙන් මගේ ඥාතියෙක්වත් නෑ ඔය වෛද්‍ය විද්‍යාලෙ ඉගෙන ගන්න. මටත් කැක්කුමක් තියෙනව වෘත්තියවේදියෙක් හැටියට මේ රටේ අනාගත පරම්පරාව මේ වගේ අධ්‍යාපනයක් ලබන අවස්ථාවක  ඒ අධ්‍යාපනය ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, කුහක කම නිසා කවුරුහරි මේ අවස්ථාව අහිමි කරන්න හදනව නම් ඒ අයට ඒ සඳහා අයිතියක් නෑ කියන එක මම අවධාරණය කරනව. ඒ දෙමාපියනුත්, ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් මේ ලංකාවේ අහිංසක පුරවැසියන්. ඒ අයගෙ අවස්ථාව අහිමිකරන්න එපා කියල මම ඒ අයගෙන් බැගෑපත්ව ඉල්ලනව.
වෘත්තිය සමිති තියනව. මෙතනත් වෘත්තීය සමිති නායකයන් ඉන්නව.  මමත් හිටිය වෘත්තීය සමිතියක. අපේ වෘත්තිය තමයි නීතිඥ වෘත්තිය. තමුන්නාන්සේලා අහල තියෙනවද?, මේ නීතිඥ වෘත්තිකයන් වැඩ වරල, පාරට බැහැල තියනවද අපිට වාහන පර්මිට් එකක් දෙන්න කියල. අපි පාරට බැහැල පෙළපාලි ගිහින් තියෙනවද අපි කාටහරි ප‍්‍රමෝෂන් දෙන්න කියල අපි කෑහල තියෙනව?,  අපිට පහළින් ඉන්න සේවකයන්ට උපාධියක් දෙන්න එපා කියල. ඒ උපාධිය අහිමි කරන්න කියල අපි කෑගහල තියෙනවද? නීතිඥවරු එහෙම පිරිසක් නෙමෙයි. නීතිඥවරු උසාවිය ඇතුළෙත්, එළියෙත් කෑගහන්නෙ ජනතාවගේ අයිතීන් වෙනුවෙන්. අපි මුදල් නොගෙන වෘත්තිය කරල තියෙනව. කිසිම නීතිඥමහත්තයෙක් නීතිඥගාස්තු ගෙවන්න විදිහක් නෑ කියල කිව්ව කිසිම කෙනෙක්ව හරවල යවන්නෙ නෑ. නමුත් වෛද්‍යවරුන්ගෙන් නම් අපිට එහෙම ඇහෙන්නෙ නෑ.
රජයේ වෛද්‍ය විද්‍යාල කිහිපයක් තියෙනව. යාපනේ තියෙනව, මඩකලපුවෙ තියෙනව, කොළඹ තියෙනව, මම හිතන්නෙ ගාල්ලෙත් තියෙනව. මේ වෛද්‍ය විද්‍යාලවල සේවය කරන්න මහාචාර්යවරු අවශ්‍යයි.  මහාචාර්යවරු කී දෙනෙක් සේවය කරනවද? මම හිතන්නෙ එක්කෙනෙක්වත් සේවය කරන්නෙ නෑ. යාපනේ එක්කෙනෙක් ඉන්නව. මඩකලපුවෙ එක මහාචාර්යවරයෙක්වත් සේවය කරන්නෙ නෑ. මාලඹේ පෟද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරු 14ක් ඉන්නව. මේ අය රජයේ වෛද්‍ය විද්‍යාලවල තියන ප‍්‍රමිතිය මොකක්ද කියල පරීක්‍ෂණයක් කරල තියෙනවද? ඉස්ස ට පේන්නේ අනිත් ඉස්සගෙ ඔළුවෙ තියෙන ජරාව විතරයි. තමන්ගෙ ඔලූවෙ තියෙන ජරාව පේන්නෙ නෑ. ඒ ගොල්ලො එතනින් පටන්ගන්න  ඕනෙ. පරිත්‍යාගශීලි බව ඇති කරන්න  ඕනෙ අපේ නිවසෙන්. ඒක වෛද්‍ය සභාවේ ඉන්න උදවිය පවා කල්පනා කළ යුතුයි. අනුන්ට ද්වේශ කරන්න ඉස්සරවෙලා ඉස්සර වෙලා ඒ අධ්‍යාපනය හරිහැටි සැලසිය යුතුයි. ඒක මේ රජයෙන් වේවා, පසුගිය රජයෙන් වේවා, වෙනත් රජයකින් වේවා ඒ අධ්‍යාපනය හරි හැටි සැලසිය යුතුයි.
මේ අවස්ථාවෙදි අපි දන්නව වෛද්‍ය සභාවේ නිගමනය පරිදි විශ්වවිද්‍යාල ආචාර්වරු, මහාචාර්යවරු 10 දෙනෙක් විතර විද්වත් කමිටුවක් පත්කරල වාර්ථාවක් ඉදිරිපත් කෙරුව. ඒ වාර්ථාවේ තියෙනව 1,2,3,4 කියල කරුණු වගහක්. මේ කරුණු හදා ගන්න  ඕන කියල ඒ අය නිර්දේශ කරල තියෙනව. වෛද්‍ය සභාවට එනකොට ඒවා වෙනස් වෙනව. ඒ අය මොකද කියන්නෙ, මේව සපුරල නැති නිසා අවසර දෙන්න බැහැ කියල.
මේ රටේ අධ්‍යාපනය කිසි කෙනෙකුට කාබාසිනියා කරන්න බැහැ.  නිදහස් අධ්‍යාපනය පටන් ගත්තේ සී.ඩබ්.ඩබ්.කන්නංගර මැතිතුමා. ඒ නිදහස් අධ්‍යාපනය පටන් ගත්තට පස්සෙ ගොඩක් දෙනෙකුට පෙනීගිය කාරණයක් තමයි, උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අහිමිවෙන සුදුසුකම් තියෙන කොටසක් ඉන්නව. කොළඹින් ඉගෙන ගත්තත් ඩසෙඞ්කෝ එක අඩුනම් විශ්ව විද්‍යාලයකට යන්න වෙන්නෙ නෑ. කොළඹට යාපනෙන්, අනුරාධපුරෙන්, කැකිරාවෙන්, කැබිතිගොල්ලෑවෙන් මේ හැම තැනින්ම ළමයි එනව ඉගෙන ගන්න. ලකුණක්, නැතනම් දෙකක්, නැත්නම් ලකුණු භාගයක් අඩුවීම හේතුකොට ගෙන, ඒ ශිෂ්‍යාට හෝ ශිෂ්‍යාවට ඒ අවස්ථාව අහිමිවෙනව. ඊට පස්සේ දෙමාපියන් ඉඩමක් හෝ ගෙයක් හෝ උගසට තියල හෝ විකුණල හෝ අමාරුවෙන් සල්ලි ටිකක් උපයාගෙන පිටරට යවන්න බැරි නිසා තමන්ගේ ආගමික හා සාහිත්‍යමය පරිසරය තුළ ලංකාවේ ඉඳලම පුද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහිල්ල උගන්වනව නම් ඒක ආනන්තර්ය පාපකර්මයක්ද?
අපේ සමාජ රටාවක් තියනව. සමහර දෙමාපියන් කැමති නෑ තමන්ගෙ දුවව, පුතාව පිටරට යවන්න අධ්‍යාපනය සඳහා. සමහරවෙලාවට දුවල පුතාල පිටරට ඇරියම දෙමාපියන්ට දුවල පුතාල අහිමි වෙනව. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒ නිසා මේ සාහිත්‍යමය පරිසරය තුළ තමන්ගෙ දුව ව, පුතා ව තියාගෙන උගන්වන එක අපරාධයක් නෙමයි. ඒ සඳහා කවුරුහරි කෑගහනව නම්, කවුරුහරි ද්වේශ කරනවනම්, කවුරුහරි විවේචනය කරනව නම්, කවුරුහරි බලයෙන් අල්ලගෙන අට්ටාල අටවාගෙන ඉන්නව නම් ඒක අපරාධයක්. අපිට ආරංචියක් තියනව මඩු අටවගෙන සත්‍යග‍්‍රහ කරන ශිෂ්‍යශිෂ්‍යාවන් මඩු ඇතුළට වෙලා පාඩම් කරනව කියල, ඒක බොහොම හොඳ දෙයක්. වෙලාව අපතේ නොයා පාඩම් කරන එක හොඳයි. එතන පාඩම් කරනවට වැඩිය ගෙදරට ගිහිල්ල පාඩම් කරනව නම් ඊට වැඩිය හොඳයි.
අපිට පුද්ගලිකව ලැබෙන පණිවිඩ අනුව ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බය කරල, තර්ජනය කරල තමයි මේව කරවගන්නෙ. තමන්ගෙ අධ්‍යාපනය නවත්වනවද? නැත්නම් මේ මඩුවලට නැ`ගලා අවුවේ වේලි වේලි ඉන්නව ද? කියන ප‍්‍රශ්නයට උත්තර දීම සඳහා තමයි ඒ අයට මඩුවල ලගින්න සිද්ධවෙලා තියෙන්නෙ. කතා දෙකක් නෑ. මේක තමයි යථාර්ථය. නමුත් අන්තිමේදි ලැබෙන ප‍්‍රතිඵලය මොකක්ද? අපේම රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට ලැබෙන්න තියෙන අධ්‍යාපනය නවත්වන්න තමයි මේ පියවර ගන්න හදන්නෙ.
ඔය කෑ ගහන වෘත්තීය සංගම් මේ රටේ රජයන්ගෙන් නොයෙක් දේවල් ලබා ගන්නව. ඒ ලබාගන්න හැම අවස්ථාවෙදිම තර්ජනා ගුලියක් රජයන්ට එල්ල කරල තමයි ඒ අවස්ථාවන් ලබා ගත්තෙ. කාර් ඉන්පෝර්ට් ලැයිසන් එක ලබාගත්තත් ලබාගන්නේ මේක දුන්නෙ නැත්නම් ලෙඞ්ඩු මරණව. අපිට  ඕන විදිහට ලැයිසන් එක දුන්නෙ නැත්නම් ලෙඞ්ඩු මරණව. මේ ඉල්ලීම් දුන්නෙ නැත්නම් ලෙඞ්ඩු මරණව, මේ තර්ජනය මත තමයි ඉල්ලීම් ලබාගන්නෙ. මේක හරියට දරුවෙක් පැහැරගෙන ගිහිල්ල කප්පමක් ඉල්ලනව වගේ වැඩක්. කවුද මේ කප්පමට යොදා ගන්නෙ රටේ අහිංසක රෝගීන්. ඒ රෝගීන්ගේ තමයි දරුවන්ගෙ මව හෝ පියා. රජයකට බෑ රටේ ඉන්න රෝගීන් යම් යම් හේතූන් මත අපහසුතාවයකට පත් කරන්න. ඒ හේතුව මත තමයි මේ අය මේ ඉල්ලීම් ලබාගන්නෙ. මම මේ හැම දෙනාටම අවසාන වශයෙන් කියනව මේ ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, කුහකකම පැත්තකින් තියල මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදෙන්න එක`ග වෙන්න කියල.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *