තෙල් පෝලිම් අවසන් !

රට පුරා පැවතී ඉන්ධන පෝලිම් මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇත.
බොහෝ ස්ථානවල තවමත් සුළු වශයෙන් පෝලිම් ඇතත් පය ගණනක් හෝ මිනිත්තු ගණනක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මේ වනවිට ලැබී ඇති බව අපගේ සියලු ආරංචි මාර්ග තහවුරු කරයි.
ඇතැම් වාහන හිමියන් තමන්ගේ වෙනත් ගමන් යන අතර පෝලිම් නැති ඉන්ධන හල දැක ඒවායින් ඉන්ධන ලබා ගැනීමට පෙළඹුණු අවස්ථා ගැන ද වාර්තා ලැබී තිබේ.
පසුගිය කාලයේ ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් පෝලිම්වල සිටින්නට වාහන හිමියන්ට සිදුව තිබිණි. එම තත්ත්වය දැන් අවසන් වී තිබේ.
QR කේතය සහ ඉන්ධන කොටා ක්‍රමය අනුව ඉන්ධන බෙදාහැරෙමත්, ප්‍රමාණවත් ඉන්ධන තොග වෙළෙඳපොළට නිකුත්වීමත්, මෙලෙස ඉන්ධන පෝලිම් අවසන් වීමට හේතු වී තිබේ.
