වැඩබලන ජනාධිපති ලෙස අගමැති රනිල් පත්වෙයි

වැඩබලන ජනාධිපති ධුරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පැවසීය.
කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව නිවේදනය කොට තිබේ.
ජනාධිපතිවරයා නොමැති විට අගමැතිවරයා එම තනතුරේ වැඩ බැලීමට පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව සිදුකළ යුතු ය.
