ෆැසිස්ට්වාදයට ඉඩ දෙන්න බැහැ ; ප්රජාතන්ත්රවාදය රැකගත යුතුයි – වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ , අපි කියන දේ කරන්න කියන තත්ත්වයට ඇතැම් පිරිස් පත්ව ඇති බවත්, මෙම ෆැසිස්ට්වාදයට ඉඩදිය නොහැකි බවත්, ප්රජාතන්ත්රවාදයත් ජනතා පරමාධිපත්‍යයත් රැක ගැනීමට තමන් පියවර ගන්නා බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.
ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තුව තුළිනි. එයට ඉහළින් ෆැසිස්ට්වාදී ලෙස ක්‍රියා කරන්නට ඉඩ දිය නොහැකි ය.
රටේ නීතිය සහ සාමය රැකීමට තමන් පොලීසියට සහ හමුදාවට උපදෙස් දුන් බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
