ජනාධිපති ගෝටාභය ඉවත්විය යුතු බව පක්ෂ නායකයෝ තීරණය කරති
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්විය යුතු බව දැන්පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
පක්ෂනායක සාකච්ඡාවට නායකයින් පිරිසක් කායිකව සහභාගී වූ බවත්, පැමිණිය නොහැකි පිරිසක් මාර්ග ගත ක්‍රමයට සහභාගී වූ බවත්, වාර්තා වෙයි.
පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මාර්ග ගත ක්‍රමයට සම්බන්ධ කරගත් බව ද ඉහත කී විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
