ධුරයෙන් ඉවත්වන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිට දන්වයි
වහාම තනතුරින් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහය දිනාගත හැකි ජනාධිපතිවරයකු පත්කර ගැනීමට අවස්ථාව සලසන ලෙස ද එමගින් ඉල්ලා තිබේ
ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, නාලක ගොඩහේවා ඇතුළු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු එයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
එසේ වුව ද මෙම තීරණය ගත් පිරිස 47 දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වී තිබිණි.
