කටාර් රජුගේ ඩොලර් මිලියන 300 ක් ගෝටාභය රාජසන්තක කළා – සජබ මන්ත්‍රී මුජිබර් රහමන්

 

කටාර් රාජ්‍යයේ එමීර්වරයා හෙවත් රජතුමාගේ මෙරට සුබසාධන අරමුදලක තිබු ඩොලර් මිලියන 300 ක මුදලක් ගෝටාභය රාජපක්ෂ ජනාධිපති බලයට පැමිණි වහා ම රාජසන්තක කළ බවත්, දැන් තෙල් ඉල්ලගෙන එරටට ගියත් , තෙල් තියා වතුර ටිකක් වත් දෙයි දැයි සැක සහිත බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ප්‍රකාශ කරයි.

ඥානසාර හිමි වැනි ජාතිවාදීන්ගේ ඉල්ලීම් මත කළ මෙබඳු වැඩ නිසා එම රටවල් අමනාප වී ඇති බවත්, එහි විපාක විඳින්නට සිදු වී තිබෙන්නේ මෙරට ජනතාවට බවත්, ඒ මහතා කියයි.

ගෝටාභය ජනාධිපති බලයේ සිටින තෙක් මෙම රටවලින් ශ්‍රී ලංකාවට කිසිදු ආධාරයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, මුජිබර් රහමන් මන්ත්‍රීවරයා කියයි.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ තොරතුරු හෙළිකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *