22 සංශෝධනයේ ගෝටා රකින වගන්තිවලට පාර්ලිමේන්තුවේ බහුතරයේ විරෝධය

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 සංශෝධනය තුළින් තවදුරටත් බලය තබාගැනීමට ගෝටාභය රාජපක්ෂ මහතාට ඉඩ දී ඇති අන්තර්වාර වගන්තිවලට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් විරෝධය පළ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සමගි ජන බලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත් ඇතුළු කණ්ඩායම මෙන් ම ආණ්ඩුවෙන් ස්වාධින වූ කණ්ඩායම් ද මෙම විරෝධතාවයට එක්ව සිටින බව කියති.

එම සංශෝධනවලට පක්ෂව සිටින්නේ පොදුජන පෙරමුණේ සුළු කණ්ඩායමකි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන සියල්ලම පාහේ මෙම අන්තර්වාර විධිවිධාන ඉවත් කළ යුතු බව කියති.

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලය අතහැර සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර ගැනීමට පාර්ලිමේන්තුවට ඉඩ සැලසිය යුතු බව මෙම බොහෝ සංවිධාන පිළිගත් පොදු මතය බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *