ගෑස් ටොන් 33,000 ක් මේ මාසයේ එයි

මෙම ජුලි මාසය තුල ගෑස් ටොන් 33,000 ක ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතය.
ජුලි මස 6,10,16,19,21,29,31 දිනවල මෙම ගෑස් නැව් මෙරටට ලඟාවීමට නියමිතව ඇත.
මුලින් ම ලැබෙන ගෑස් තොග දින තුනක් කොළඹට බෙදීමෙන් පසු පිට පළාත්වලට බෙදාහැරීමට සැලසුම් කොට තිබේ.
ඉදිරි මාස හතරක කාලය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 100,000 ක් ලබාගැනීම සඳහා දැනටමත් ඇනවුම් ලබා දී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද පැවති සාකච්ඡාවක දී මෙම තොරතුරු ප්‍රකාශයට පත්කොට ඇත.
