ඉන්ධන ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් තවම නැහැ – අගමැති උපදේශක සාගල රත්නායක

මේ වනවිට මුදල් සොයාගෙන ඇතත්, ඉන්ධන ලබාගැනීම අසීරු වී ඇති බවත්, ඩීසල් නැවක් පැමිණෙන්නේ ජුලි 11 -15 අතර බවත්, පෙට්‍රල් නැවක් ලැබෙන්නේ ජුලි 22 බවත් අගමැති උපදේසක සාගල රත්නායක මහතා පවසයි. ජුලි 10 වන විට පෙට්‍රල් නැවක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බව ද ඒ මහතා කියයි.
රුසියා යුක්රේන යුද්ධය නිසා ලොව පුරා ඉන්ධන හිග වී තිබීම මෙයට එක හේතුවක් බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ අගමැතිතුමා අතර හමුවක් අද පැවති අවස්ථාවේ ඒ මහතා මෙම කරුණු පවසා තිබේ.
