නන්දලාල්ගේ මහ බැංකු අධිපති පත්වීම අගමැති නිර්දේශ කරයි.

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර හයක කාලය සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා නිර්දේශ කොට තිබේ.
ඒ මහතාගේ සේවා කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබිණි.
එම තනතුරට පත් කිරීම ජනාධිපති විසින් සිදු කළ යුතු වන්නේ මුදල් ඇමතිවරයා ගේ නිර්දේශය අනුව ය.
අගමැති රනිල් වික්රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස එම නිර්දේශය ලබා දී තිබේ.
