අරගලය ප්රචණ්ඩ කරන්න වමේ කණ්ඩායම් තීරණයක් !

නිරපක්ෂික සාමකාමී අරගලයක් ලෙස ආරම්භ වූ “ගෝටා ගෝ ගම” බලය දැන් අත්පත් කරගෙන සිටින වමේ කණ්ඩායමක් එය ප්රචණ්ඩ ආකාරයට හැරවීමටත්, මේ සතිය තුළ එයට උපරිම බලය යෙදවීමටත්, තීරණයක් ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ආණ්ඩුව ස්ථාවර වීමට පෙර උපරිම බලය යොදා ප්රචණ්ඩ ලෙස බලය වෙනස් කළ යුතු බව මෙම කණ්ඩායම් තීරණය කොට තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ද ඉලක්ක කොට ගෙන මෙම ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.
මේ වන විට “ගෝටා ගෝ ගම” ආරම්භ කළ බොහෝ පිරිස් එයින් ඉවත්ව ගොස් ඇති අතර එම ස්ථානයේ බලය ඇතැම් වාමාංශික කණ්ඩායම් අතට පත්ව තිබේ. වමේ කණ්ඩායම් බලය ගැනීමත් සමග එයට තිබු මහජන සහය ද හීන වී තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාම ද අභියෝගයක් වී ඇතැයි කියති.
