මුල්‍ය අරමුදල අගමැති සමග සාකච්ඡා අරඹයි

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම අද (20 ) උදේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළ බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය සම්බන්ධයෙන් තක්සේරුවකට එළඹීම සහ ආධාර වැඩ සටහනක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ඇතිකර ගැනීම මෙම වටයේ සාකච්ඡා මගින් සිදු කිරීමට නියමිත ය.
මුල්‍ය අරමුදලේ ණය ලබා දීම ගැන මෙම වටයේ තීරණය නොවනු ඇතැයි කියති. ඒ පිළිබඳව තීරණ ගැනීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු ය. එය ශ්‍රී ලංකා රජයේ වගකීමක් ලෙස සැලකේ. එම කටයුතු සඳහා ශ්‍රී ලංකාව පත් කරගත් තාක්ෂණික සහ නීති උපදේශක කණ්ඩායම් ද මේ වන විට මෙරටට පැමිණ සිටියි.
මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස දින දහයක් මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකා රජය සමග ඇතිකර ගන්නා කාර්ය මණ්ඩල එකඟතාවය සඳහා කටයුතු කිරීමට නියමිත ය.
මෙම කාලය තුළ ඔවුන් අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමට නියමිත ය.
