මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉතා අමාරු කොන්දේසි දමාවි – ඉන්දීය විදේශ ඇමති ජේ ජයශන්කර්

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉතා අපහසු කොන්දේසි පනවනු ඇතැයි ද, එම අරමුදල රටවල්වලට පනවන කොන්දේසි කිසිදු රටකට පහසුවෙන් ඉටු කළ හැකි ඒවා නොවන බව ද , ඉන්දියාවට ද එම අත්දැකීම ඇති බව ද , ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජේ ජයෂන්කර් මහතා ප්‍රකාශ කොට ඇත.

‘අසල්වැසියාට මුල්තැන’ ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මේ මොහොතේ ශ්‍රී ලංකාව සමග එකට සිටින බව ද ඉන්දීය විදේශ ඇමතිවරයා පවසයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කමිටුවක දී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධ සමාලෝචනයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතා ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *