ජනාධිපති ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දිය යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

 

රට තව තවත් විනාශයට රැගෙන යාම නවතා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවකට ඉඩ සැලසිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

රටට මේ මොහොතේ අවශ්‍ය ජාත්‍යන්තර සහය ලබාගත හැක්කේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට පමණක් බවත්, ජනාධිපතිවරයා බලයේ සිටින දිනක් පාසා එම සහය නොලැබී යන බවත්, හර්ෂ ද සිල්වා මහතා කියයි.

තමන් කළ සියලු දේ වැරදී ඇති බව ජනාධිපතිතුමා දැන්වත් තේරුම් ගත යුතු බවත්, එම වැරදි පිළිගෙන ඉවත්ව යා යුතු බවත්, ඒ මහතා වැඩි දුරටත් පවසයි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *