මාස අටකින් දහයකින් වත් පෝලිම් අවසන් කරන්න බැහැ , විනාශය එතරම් දරුණුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ දැන් තිබෙන පෝලිම් මාස අටකින් දහයකින් ඉවර වෙන බව කවුරුන් හෝ හිතනවා නම් එය එසේ සිදු නොවන බවත්, මේ රජය සිදුකොට ඇති විනාශය එතරම් බරපතළ බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාවතගම පැවති රැස්වීමක් අමතා ප්‍රකාශ කළේය.
මෙතරම් විනාශයක් කළ රජය රට තවත් විනාශ කරමින් බලයේ රැඳී නොසිට ඉවත්ව යා යුතු බව ද ප්‍රේමදාස මහතා කීය.
සමගි ජන බලවේගයේ මාවතගම ආසන බල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම සඳහා අද පැවති රැස්වීම අමතා විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
එහි දී සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කීවේ තමන්ට වගකීම ගන්නට තිබුණු බව සමහරු ප්‍රකාශ කළ ද රට විනාශ කළ හොරුන් සමග එක්ව ආණ්ඩු කරන්නට තමන් සුදානම් නැති බවයි.
