අනුරුද්ධ පාදෙණිය ඉවතට ; වෛද්‍ය සංගමයේ නව සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන

මෙතෙක් අනුරුද්ධ පාදෙණිය මහතා සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති ලෙස වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව ඇති බව වාර්තා වෙයි.
වෛද්‍ය සිරිසේන මහතා නිතරඟයෙන් සභාපති තනතුරට පත්ව ඇති අතර වසර 11 ක් සභාපති ලෙස කටයුතු කළ අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර තරඟ වැදී නැත.
කෘෂි රසායනික භාවිතයට එරෙහිව දැඩි මතයක සිටි පාදෙණිය මහතා ජනාධිපතිට ඒ පිළිබඳව උපදෙස් දුන් අයෙකු ලෙස ප්‍රකට ය. රසායනික පොහොර තහනම නිසා කෘෂිකර්මය විනාශ වී රට සාගතයකට ගොදුරු වීම සම්බන්ධයෙන් ප්‍රධාන වගකිව යුත්තකු ලෙස පාදෙණිය මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් ව සිටියෙකි.
එම හේතුව නිසා පාදෙණිය මහතා දැඩි ලෙස අපකීර්තියට පත්ව සිටියේය.
ඒ මහතා පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත.
වෛද්‍ය සංගමයේ ලේකම් ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතාත්, උප සභාපතිවරුන් ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය චන්දික එපිටකටුව මහත්වරු පත්ව සිටිති.
ඊයේ පැවති සමුළුවක දී මෙම පත්වීම් සිදුකොට තිබේ.
https://www.facebook.com/ruchira.saranapala/videos/439362990907250
