මෙම පාර්ලිමේන්තුවෙන් ගත හැකි හොඳ ම ව්‍යවස්ථා සංශෝධනය ගැන හිතමු – මහාචාර්ය රොහාන් සමරජීව

විධායක ජනාධිපති ක්‍රමය අහෝස්සි කරන නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ජනමත විචාරණයක් අවශ්‍ය වන කල් ගතවන ක්‍රියාවක් නිසා මේ මොහොතේ මෙම පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගත හැකි පමණට ජනාධිපති බලයට උපරිම සීමා පමුණුවන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ක්‍රියා කළ යුතු බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා කියයි.
එහි දී මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා බල රහිත කරන බවට එක පාර්ශවයකින් ද , ජනාධිපතිට ඉතිරිකරන බලය වැඩි යැයි තවත් පාර්ශවයකින් ද විවේචන එල්ල වී ඇති බව පෙන්වා දෙන සමරජීව මහතා කියන්නේ එහි දී අවධානය යොමු කළ යුතු වන්නේ මෙම පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත හැකි සංශෝධනයක් සම්මත කර ගැනීමට බව යි.
ජනතාව පත් කර දී තිබෙන මෙම පාර්ලිමේන්තුවෙන් හැර මෙය සම්මත කර ගැනීමට වෙනත් සුදුසු ක්‍රමයක් දැනට නැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන් ම අවශ්‍යතාවයේ මුලධර්මය වැනි සංකල්ප භාවිත කිරීමේ නොහැකියාව සහ එවැන්නක් යොදා ගැනීමේ භයානකකම ද මහාචාර්ය සමරජීව මහතා පැහැදිලි කරයි.
LVLOG නාලිකාව සමග සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
