2018 වන විට රට අඳුරේ, 50% කින් විදුලි වියදම ඉහළ යා හැකි බවට ඉංජිනේරුවෝ අනතුරු අඟවති.
සාම්පූර් ගල් අගුරු බලාගාර ව්‍යාපෘතියේ කඩිනමින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය ඉක්මන් පියවර ගැනීමට හැකිව තිබුණු බව ශ්‍රි ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ විදුලි බලශක්ති කොමිටිය අනතුරු අගවා තිබේ. විදුලි වියදම ඉහළයෑමේ අත්දැකිම මෙන්ම නැවත විදුලි කප්පාදුවකට යෑමේ අනතුරක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අගවති. විදුලි උත්පාදනය- විශ්වාසය තැබිය හැකි ආර්ථිකමය විදුලිබල සැපයුමක් සඳහා ශ්රීි ලංකාව යන මැයෙන්. විමලසුරේන්ද්‍ර ප්‍රේක්ෂකාගාරයේ සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දී මේ වාද කරුන මතුවිය. රටේ මූලික ඉංජිනේරු ආයතනය සංවිධානය කළ මේ සම්මන්ත්රනයේදී විදුලි පද්ධතියේ ක්‍රියාකාරිත්වය හා සැළසුම් ගනනාවක් පිළිබඳව ප්‍රකට ඉංජිනේරුවරු කිහිප දෙනක් ම තම පත්‍රිකා ඉදිරිපත් කළහ.
වැඩිවෙන විදුලි ඉල්ලුම 1913 දී 1% සිට 2015 වන විට 7% දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ඉල්ලුම සපුරාලීමට ප්‍රධාන බලාගාර ගොඩ නගා නැති බව ඉංජිනේරුවරු ප්‍රකාශ කරති. වැඩි වෙන විදුලි ඉල්ලුම සපුරාලීමට සැලසුම් කළ මෙගාවෝට් 500ක ධාරිතාවයෙන් යුතු සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරය අත්හිට වූ බව මෙහි දි අනාවරණය වි තිබේ. වසර 2016 දී එය නිම කිරීමට අපේක්ෂා කළ නමුත් මේ වනවිටත් ප්‍රමාද වී ඇති එය 2020 වනවිට අවසන් කිරීමට සැළසුම් කර ඇත.
ආණ්ඩුව මූලික තීරණය වෙනස්කර එය ස්වාභාවික ගෑස්වලට මාරුකිරීමට ගත් තීරණය නිසා නොවැළැක්විය හැකි ලෙස එම ව්‍යාපෘතිය ප්‍රමාද වන බවද ඔවූ හු පැවසූ හ. මෙහි ප්‍රතිපලයක් ලෙස අවශ්‍ය අනුමැතිය හා ගිවිසුම් නැවත සකස් කිරීම ඇතුලු ව්‍යාපෘතියේ බැංකු කටයුතු සූදානම් කිරීම සඳහා සක්‍යතා අධ්‍යනයන් සඳහා තවත් කලක් ගතවනු ඇත. ස්වාභාවික ගැස්වලට මාරුවීමේ ප්‍රතිඵලයක් ලෙස විදුලි නිෂ්පාදන වියදම 40%- 50% ඉහළ යනු ඇත.
සාම්පූර් ගල් අගුරු බලාගාරයේ ප්‍රමාදය මේ වන විටත් රට විදුලි අර්බුදයක් දෙසට තල්ලුකර ඇති බව ද ඉංජිනේරු කණඩායම අනාවරණය කර ඇත. මෙයින් රට අඳුරේ තැබීමට හා දැඩි විදුලි පිරීවැයක් දැරීමට සිදුවනු ඇත. ආයෝජකයින්ගේ විශ්වාසය හීනවීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය ඇනහිටුවීමට හේතුවිය හැකි බව ඔවුන්ගේ අදහස ය.
අව්‍යාජ නොවන හේතු සමග ආණ්ඩුව මැදිහත් වීමෙන් සුළං බලාගාර දෙකක් සඳහා කළ සැළසුම 2016 අප්‍රේල් මාසයේ දී නවතා දමන ලදි. විදුලිය මිලට ගැනීමේ පනත මගින් ස්ථාපිතකර ඇති ක්‍රියාදාමය හේතුවෙන් ආයෝජකයින්ගේ විශ්වාසය අඩු වී ඇති බව ඉංජිනේරුවන් මෙහිදි පෙන්වා දී තිබේ. පෞද්ගලික අංශයෙන් සංවර්ධනය කරන ලද සුලං බලාගාර වලින් නිපදවන විදුලිය සඳහා ඉහළ මිලක් ශ්‍රි ලංකාවට ගෙවීමට සිදුවන බව ද මෙහි දි පෙන්වා දී ඇත.
සූර්ය බලශක්තිය සඳහා ද එක ඒකකයකට රු23ක ඉහළ මිලක් ශ්‍රි ලංකාව විසින් ගෙවන ලැබේ. මිල ගනන් අඩුකරගත හැක්කේ තරගකාරි මිල ගණන් කැඳවීම හරහා පමණක් බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ තත්ත්වය තුළ තවදුරටත් ප්‍රමාද නොකර සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරන ලෙස ඉංජිනේරුවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
