රනිල් පන්නන්න ආ පිරිස පන්නයි
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතු බවට උද්ඝෝෂණය කිරීම සඳහා ඒ මහතා ගේ නිවෙස ඉදිරිපිටට පැමිණි පිරිසක් එහි පැමිණි තවත් පිරිසක් විසින් එලවා දමා ඇති බව වාර්තා වෙයි.
කොළඹ 03 පස්වැනි පටුමගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස ඉදිරිපිටට අද උදේ පැමිණි පිරිසක් වික්‍රමසිංහ මහතාට එරෙහිව සටන් පාට කියන්නට වූ බව වාර්තා වී ය.
ඊට සුළු මොහොතකට පසු එම ස්ථානයට එක් රැස් වූ තවත් පිරිසක් වික්‍රමසිංහ මහතාට පක්ෂව සටන් පාට කියමින් උද්ඝෝගනයක යෙදෙන්නට වී ය.
වික්‍රමසිංහ මහතාට එරෙහිව සිටි පිරිස ක්‍රමයෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව වාර්තා වෙයි.
