සජිත්ගේ විශ්වාස භංගය පුස්සක් වෙයි

 

දැන් ලැබෙන වාර්තා අනුව බොහෝ දුරට තහවුරු වී ඇති පරිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස් වුවහොත් සමගි ජන බලවේගය භාර දී ඇති විශ්වාස භංග යෝජනාව අවලංගු ලියවිල්ලක් බවට පත්වන බව දේශපාලන අංශ කියයි.

අගමැති ඉල්ලා අස්වීමත් සමග ආණ්ඩුව අහෝසි වන අතර නව ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව උදාවෙයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ එකඟත්වයක් ඇතිකර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට පැවරෙයි.

එමෙන් ම, ජනාධිපති බලය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර තීරණය කිරීමට ද පාර්ලිමේන්තුවේ එකඟතාවයක් අවශ්‍ය වෙයි.

ජනාධිපති බලය සීමා කිරීමේ ඔනෑම ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ භේද කළහොත් එම අරමුණ ඉටු කරගත නොහැකි වන බව ඒ සඳහා ක්‍රියාත්මක වන සිවිල් සංවිධානවල මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *