ආණ්ඩුවක් හදන්න විපක්ෂයට දින තුනක් දෙනවා – ජනාධිපති කියයි

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ පක්ෂ එකඟ වන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඔවුන්ට දින තුනක කාලයක් ලබාදෙන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම සහ මහ නා හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශව යෝජනා කොට ඇති සර්ව පාක්ෂික හෝ අන්තර් වාර හෝ පාලනයක් හෝ ගොඩ නැගීමට මෙම කාලය ලබා දෙනු ඇත.

එම කාලය තුළ නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය අපොහොසත් වුවහොත් ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමන් පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කොට තිබේ.

ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *