ඉල්ලා අස් වී විපක්ෂයට යනවා – අගමැති මහින්ද රාජපක්ෂ

තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී විපක්ෂයේ අසුන් ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.
ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස අගමැතිතුමා මෙම ප්‍රකාශය කළ බව කියති.
දැනට වාර්තා වී ඇත්තේ අගමැතිතුමාගේ ඉල්ලා අස්වීම සඳුදා දිනයේ සිදුවනු ඇති බවයි.
