අගමැති ඉවත්විය යුතු බව ජනපති කියයි ; අස්වෙන්න මහින්ද එකඟ වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් විය යුතු බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද පැවති කැබිනට රැස්වීමේ දී ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඉල්ලා අස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත ප්‍රකාශ කළ බවත්, වාර්තා වෙයි.
අගමැතිවරයා ඉල්ලා අස් විය යුතු බව ඇමති පිරිසක් ද කියා ඇති අතර සුළු පිරිසක් එයට අකමැත්ත පළ කොට ඇති බව ද වාර්තා වෙයි.
රටේ මතු වී තිබෙන බරපතළ විරෝධතා ව්‍යාපාර මෙන් ම, පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇති බව හෙළිවීම මත මෙම තීරණය ගෙන ඇති බව කියති.
අගමැතිතුමා ඉල්ලා අස්වීම ලබන සඳුදා සිදුවනු ඇතැයි ද වාර්තා වෙයි.
අගමැතිතුමා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද අහෝසි වන අතර නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙයි.
