ජනාධිපති රටපුරා හදිසි නීතිය පනවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කොට ඇත.
රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
මෙලෙස හදිසි නීතිය පැන වූ විට දින 14 ක් තුළ එය පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු ය. ඒ සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් තිබීම අවශ්‍ය වෙයි.
මේ මොහොතේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති අතර අගමැති ඉල්ලා අස් වී නව රජයක් පිහිටුවන බව ද වාර්තා වී තිබේ.
