මහ බැංකුවේ මුදල් මණ්ඩලයත් ඉල්ලා අස්විය යුතුයි – වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල්

මහ බැංකු අධිපති කබ්රාල් මහතා ඉල්ලා අස්වීම නිවැරදි බවත්, ඒ සමග ම මහ බැංකුවේ මුදල් මණ්ඩලය ද ඉල්ලා අස්විය යුතු බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකු අධිපතිවරයාට තනිව තීරණ ගත නොහැකි බවත්, සියලු තීරණවලට මුදල් මණ්ඩලය වගකිව යුතු බවත් කී ද මේල් මහතා මුල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන යළි විශ්වාසය ඇති කිරීමට නම් කළ වැරදිවලට වගකිව යුතු සියලු දෙනා ඉවත් වී අලුත් පිරිසකට වගකීම් භාර දිය යුතු බව ද කී ය.

ඒ සඳහා මහ බන්කුවෙත්, භාණ්ඩාගාරයේත් වෙනස්කම් රැසක් සිදු කළ යුතු බව පෙන්වා දුන්නේ ය.

අර්බුදයෙන් ගොඩ යාමට පෙර අර්බුදය තවත් නරක අතට හැරීම වලක්වා ගත යුතු බවත්, ඒ සඳහා ඉක්මන් පියවර රැසක් ගත යුතුව ඇති බවත්, ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කළේය.

‘පුරවැසි බලය ‘ සංවිධානයේ “එකතු වී ගොඩ එමු ” ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ 4 දා එලි දැක්වූ අවස්ථාවේ ප්‍රධාන දේශනය කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මීන් ශාලාවේ දී උත්සවය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *