සමහර ජාතීන් අනෙක් ජාතීන්ට වඩා ස්වෛරී ය – හර්ෂ ගුණසේන
රුසියාව යුක්රේනය ආක්‍රමණය කර ඇති අතර 2008 දී රුසියාව විසින් ජෝර්ජියාව ආක්‍රමණය කිරීම හැර දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදු වූ පළමු ප්‍රධාන යුද්ධය මෙයයි. රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ලොව පුරා දැඩි විවේචන පවතී. සුපිරි බලවතුන්ගේ බල අරගලය නිසා රටක සාමාන්‍ය ජනතාවට දුක් විඳීමට සිදුවන බවට මෙය හොඳ ම උදාහරණයකි.
සියලුම ජාතීන් ස්වෛරී ජාතීන් බව සැබෑය. නමුත් කටුක යථාර්ථය නම් සමහර ජාතීන් අනෙක් ජාතීන්ට වඩා ස්වෛරී වීම ය.. වඩා ස්වෛරී ජාතීන්ගේ ගැටුම් පවතින කලාපයට නොපැමිණීමට අඩු ස්වෛරී ජාතීන් උපායශීලී විය යුතු ය.
සියලුම ජාතීන් ස්වෛරී ජාතීන් බව සැබෑය. නමුත් කටුක යථාර්ථය නම් සමහර ජාතීන් අනෙක් ජාතීන්ට වඩා ස්වෛරී වීම ය.. වඩා ස්වෛරී ජාතීන්ගේ ගැටුම් පවතින කලාපයට නොපැමිණීමට අඩු ස්වෛරී ජාතීන් උපායශීලී විය යුතු ය.
පුටින්ගේ මෙම ක්‍රියාව නැවැත්වීමට බටහිර රටවල් දැඩි උත්සාහයක් ගත්තේය. ප්‍රංශ ජනාධිපතිවරයා සහ ජර්මනියේ චාන්සලර්වරයා රුසියාවට ගිය නමුත් ඔවුන් අසාර්ථක වී ඇත. ආක්‍රමණයෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති පුටින් ඒකාධිපතියෙකු ලෙස හැඳින් වූ අතර රුසියානු ක්‍රියාව දැඩි ලෙස හෙළා දුටුවේ
ය.
මෙය Biden පරිපාලනයේ විදේශ ප්‍රතිපත්ති අසාර්ථකත්වයකි. ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තමන් බලයේ සිටියා නම් මෙවැනි ආක්‍රමණයක් සිදු නොවන්නේ ලෙස තමන් රුසියාව කළමනාකරණය කර ගන්නා බව යි..
නේටෝව ගැටුමට යුදමය වශයෙන් සම්බන්ධ නොවන බව පැහැදිලිය. බටහිර ජාතීන් රුසියාවට සම්බාධක පැනවීමට පමණක් සීමා වනු ඇත. රුසියානු ගුවන් යානා යුරෝපීය සංගමයේ (EU) ගුවන් අවකාශය භාවිතා කිරීම තහනම් කිරීම සහ රුසියානු බැංකු SWIFT පණිවිඩ භාවිතා කිරීම වැළැක්වීම
ඇතුළු රුසියාවට දැඩි සම්බාධක පනවා ඇත. රුසියාව සිය ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන අතර එම සම්බාධකවලින් බේරීමට උත්සාහ කරනු ඇත. රුසියාව විශාල රටක් වන අතර ඉරානය වැනි කුඩා රටවල් දැඩි දුෂ්කරතා මැද වුව ද සම්බාධක වලට මුහුණ දී ඇත. ඇත. කියුබාව පවා දශක ගණනාවක් ආරක්ෂා විය.
බටහිරයන්ගේ උපාය මාර්ගය වූයේ රුසියාවට පීඩනයක් ඇතිවන පරිදි නේටෝව නැගෙනහිරට ව්‍යාප්ත කිරීමයි. සීතල යුද්ධයේ අවසානය සහ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, නැගෙනහිර යුරෝපයේ රටවල් දහහතරක් නේටෝවට සම්බන්ධ විය. ඒවා නම් හංගේරියාව (1999), චෙකියාව (1999), පෝලන්තය (1999), බල්ගේරියාව (2004), එස්තෝනියාව (2004), ලැට්වියාව (2004), ලිතුවේනියාව (2004), රුමේනියාව (2004), ස්ලෝවැකියාව (2004), ස්ලෝවේනියාව (2004) ), ඇල්බේනියාව (2009), ක්‍රොඒෂියාව (2009), මොන්ටි නිග්‍රෝ (2017) සහ උතුරු මැසිඩෝනියාව (2020) ය.
යුක්රේනය සහ ජෝර්ජියාව රුසියාවට මායිම් වූ රටවල් වෙයි. එබැවින් යුක්රේනයේ ස්ථාවරය රුසියාවට එහි ජාතික ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් ඉතා වැදගත් විය. යුක්රේනය නේටෝවට බැඳීමට සලකා බලමින් සිටි අතර යුක්රේන දේශ සීමා ආසන්නයේ හමුදා බලය ශක්තිමත් කිරීමේ යෙදී සිටිය දී රුසියාවේ ඉල්ලීම වූයේ යුක්රේනය නේටෝවට සම්බන්ධ නොවන බවට ස්ථිර සහතිකයකි.
රුසියානු පාර්ශ්වයෙන් මෙම ඉල්ලීම තරමක් ස්වාභාවික වූ අතර මෙය 1962 දී කියුබානු මිසයිල අර්බුදය සමඟ සැසඳිය හැකි අතර එහිදී සෝවියට් සංගමය ෆ්ලො
රිඩාවේ සිට කිලෝමීටර් 140 ක් පමණ දුරින් කියුබානු භූමියේ මිසයිල සවි කිරීමට උත්සාහ කළේය. සාකච්ඡාවලදී කියුබාවේ සවිකර තිබූ මිසයිල ඉවත් කර ගැනීමට කෘෂෙව් එකඟ වූ අතර කියුබාව ආක්‍රමණය නොකිරීමට කෙනඩි එකඟ විය.
යුක්රේනයේ මෙන් ම ජෝර්ජියාවේත් බෙදුම්වාදී ව්‍යාපාර ඇත . යුක්රේනයේ ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් 2022 පෙබරවාරි 25 දින රුසියාව විසින් වෙනම රාජ්‍යයන් ලෙස පිළිගනු ලැබීය. ජෝර්ජියාවේ, දකුණු ඔසෙටියා සහ අබ්කාසියාව රුසියානු පිටුබලය ලබන සහ ජාත්‍යන්තරව නොපිළිගත් වෙනම රාජ්‍යයන් වේ. 2003 දී ජෝර්ජියාවේ බලය බටහිරට පක්ෂපාත ලෙස වෙනස් වීමත් සමග ඇති වූ රුසියානු-ජෝර්ජියානු ගැටුම 2
008 දී යුද්ධයක් දක්වා වර්ධනය විය.
2014 පෙබරවාරි මාසයේදී යුක්රේනයේ විරෝධතාකරුවන් රුසියානු ගැති ජනාධිපතිවරයා පෙරලා දැමූ අතර අන්තර්වාර රජය යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කළේ ය. එය සංගමයේ සාමාජිකත්වය සඳහා පළමු පියවර වෙයි. 2014 අප්‍රේල් මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කර යුක්රේන අර්ධද්වීපයේ ක්රිමියාව ඈඳා ගත්තේය. බෙදුම්වාදී කලාප දෙකක් ලෙස යුක්රේනයෙන් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් බිඳී ගිය අතර සතුරුකම් දිගටම පැවතුනි. 2014 සිට යුක්රේනයේ ආණ්ඩු බටහිරට පක්ෂපාත විය.
ෆින්ලන්තය යනු රුසියාවට මායිම් වූ රටක් වන අතර සෝවියට් සංගමය සමඟ යුද්ධ තිබුනි. එය බටහිර මතවාද ඇති ප්රජාතන්ත්රවාදී රටකි. දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු, යුරෝපය බටහිර සහ නැගෙනහිර කණ්ඩායම්වලට බෙදෙන විට ෆින්ලන්තය එහි මධ්‍යස්ථභාවය සහතික කරමින් සෝවියට් සංගමය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. ෆින්ලන්තය නේටෝවට සම්බන්ධ නොවූ අතර සීතල යුද සමයේදී එය යුරෝපා සංගමයට බැඳුනේ නැත. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු 1995 දී එය යුරෝපා සංගමයට එක් විය. මෙම ක්‍රියාවලිය ෆින්ලන්තයේ ජනප්‍රිය වචනයක් නොවන Finlandization ලෙස හැඳින්වේ.
ෆින්ලන්තය යනු
රුසියාවට මායිම් වූ රටක් වන අතර සෝවියට් සංගමය සමඟ යුද්ධ තිබුනි. එය බටහිර මතවාද ඇති ප්රජාතන්ත්රවාදී රටකි. දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු, යුරෝපය බටහිර සහ නැගෙනහිර කණ්ඩායම්වලට බෙදෙන විට ෆින්ලන්තය එහි මධ්‍යස්ථභාවය සහතික කරමින් සෝවියට් සංගමය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. ෆින්ලන්තය නේටෝවට සම්බන්ධ නොවූ අතර සීතල යුද සමයේදී එය යුරෝපා සංගමයට බැඳුනේ නැත. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු 1995 දී එය යුරෝපා සංගමයට එක් විය. මෙම ක්‍රියාවලිය ෆින්ලන්තයේ ජනප්‍රිය වචනයක් නොවන Finlandization ලෙස හැඳින්වේ.
බලවත් අසල්වැසියෙකු, වඩා ස්වෛරී ජාතියක් කළමනාකරණය කිරීමේ මාර්ගය මෙයයි. මෙම ක්‍රියාවලිය යුක්රේනයේ ද පිළිගනු නොලැබේ. තර්කය වන්නේ ඔබේ විදේශ ප්‍රතිපත්තිය බිඳ වැටෙනු ඇත්තේ ඔබේ බලවත් අසල්වැසියා වන වඩා ස්වෛරී ජාතියේ අභිලාෂයන් මත ය. යුක්රේනයේ දැඩි රුසියානු විරෝධී හැඟීම් පවතී. යථාර්ථය නම් ඔවුන් අනවශ්‍ය යුද්ධයකට මුහුණ දුන් බවයි. බටහිර යුධ ආධාර ඇතිව යුක්රේනය තවත් ලිබියාවක් බවට පත්වීමේ හැකියාවක් පවතී. රුසියාව සහ යුක්රේනය සාකච්ඡා ආරම්භ කළ නමුත් දෙපාර්ශ්වය බෙහෙවින් දුරස් වී ඇති බව පෙනෙන්නට තිබේ.
1977 දී ශ්‍රී ලංකාව තුළ ජේ
.ආර්.ජයවර්ධන බහුතර ජනතා ඡන්දයෙන් බලයට පත් විය. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන බැඳීම් බටහිර දෙසට නැඹුරු ඒවා විය. ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි මෙය සැලකුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම භාවිතා කරමින් ඇය රට අස්ථාවර කිරීමේ අරමුණින් දෙමළ කැරලිකරුවන්ට ආයුධ සහ හමුදා පුහුණුව ලබා දීමට පටන් ගත්තාය. ඇය සාර්ථක වූවාය.
ඇයගේ පුත් රජිව් ගාන්ධිගේ පාලන සමයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා කැරලිකරුවන්ට එරෙහිව සටන් ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී ඉන්දීය ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් අවකාශය ආක්‍රමණය කර කැරලිකරුවන්ට මානුෂීය ආධාර හෙලීය. ජයවර්ධන ජනාධිපතිතුමාට බටහිර බලවතුන් කීවේ ඉන්දියාව සමග තියෙන ප්‍රශ්න විසඳගන්නා ලෙසයි. ඔහුට ප්‍රකාශ කිරීමට තිබුණේ එක් හැඟීමක් පමණි. ඉන්දීය ආක්‍රමණයක් සිදුවුවහොත් තමන් ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ මිය යාමට සූදානම් බව ඔහු පැවසීය. මෙය යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ගේ ප්‍රකාශය සමග සමපාත වේ.ඔවුහු තනිව සටන් කරති.
ෆින්ලන්තකරණය නොකිරීමේ අවසාන ප්‍රතිඵලය මෙයයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ඇයගේ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති ඉන්දියාවේ ප්‍රතිපත්ති සමඟ සමපාත විය. එබැවින් ඇය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකනු නොලැබී ය. එබැවින් 1971 ඉන්දු පකිස්තාන
යුද්ධයේ දී එවකට නැගෙනහිර පකිස්තානය වත්මන් බංග්ලාදේශයට ළඟා වීමට ශ්‍රී ලංකා ගුවන් අවකාශය භාවිතා කිරීමට පාකිස්තාන ගුවන් යානාවලට අවසර දීම වැනි ස්වාධීන තීරණ ඇය ගෙන ඇත.
රටක බෙදුම්වාදී ව්‍යාපාර පවතින විට සහ එම රට වඩාත් ස්වෛරී බලගතු අසල්වැසියෙකුගේ ජාතික ආරක්ෂාවට එරෙහිව යන විට එය තමන්ගේ ම ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරන අතර යුක්රේනයේ, ජෝර්ජියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙන් මැදිහත්වීම සඳහා වඩාත් ස්වෛරී බලවත් අසල්වැසියාට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙයි.
රටක බෙදුම්වාදී ව්‍යාපාර පවතින විට සහ එම රට වඩාත් ස්වෛරී බලගතු අසල්වැසියෙකුගේ ජාතික ආරක්ෂාවට එරෙහිව යන විට එය තමන්ගේ
ම ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරන අතර යුක්රේනයේ, ජෝර්ජියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙන් මැදිහත්වීම සඳහා වඩාත් ස්වෛරී බලවත් අසල්වැසියාට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙයි.
චීනයේ සමීප මිතුරෙකු වන වත්මන් ශ්‍රී ලංකා පාලනය දැන් ඉන්දු-චීන අක්ෂයේ ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණ
යෙන් ක්‍රියාත්මක කිරීමට සීමා වූ බලය බෙදාගැනීමේ ඉන්දියානු ප්‍රකාශවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඔවුහු චීනය දෙසට ගමන් කළහ. ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මක නොවූ ප්‍රතිපාදන තිබෙන එක ම රට ශ්‍රී ලංකාව වීම සුවිශේෂී ලක්ෂණයකි. ඉන්දියානු භූමියට ඉතා ආසන්න උතුරු දූපත් වල සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට චීන ජාතිකයන් උත්සාහ කළ විට මෙම පියවර රතු රේඛාවට ස්පර්ශ විය. වත්මන් ආර්ථික අර්බුදයට රටට වාසිදායක කොන්දේසි සමඟ එන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම වත්මන් පාලන තන්ත්රය විසින් ප්‍රමාද කරනු ලැබ ඇත. රජය චීනයෙන් මුදල් හුවමාරු ආධාර ලබාගෙන දැන් ඉන්දියාවෙන් දේශපාලන කොන්දේසි සමඟ ලබා ගන්නේ නිදහස් ණයක් කියා දෙයක් නොමැති නිසා විය හැකිය.
ශ්‍රී ලංකා රජයේ වත්මන් ෆින්ලන්තකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය අපට බලා සිටීමට සිදුවේ.
හර්ෂ ගුණසේන


