රජය අම්පාරේ වී ගන්න යයි; විකුණන්න වී නැතැයි ගොවීහු කියති

 

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ  වී අස්වනු නෙලීම දැන් ආරම්භ වී ඇති අතර වී කිලෝවක් රුපියල් 92 ක රජයේ නව සහතික මිල යටතේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා ඇතත්, ගොවීන් කියන්නේ මෙවර අස්වැන්න සියයට 50 කට වඩා අඩු වී ඇති නිසා විකිණීමට තබා තම පරිභෝජනයටත් එම අස්වැන්න ප්‍රමාණවත් නැති බව යි.

නාඩු කිලෝවක් සඳහා රුපියල් 92 ක්, සම්බා සඳහා 95 ක් සහ කීරි සම්බා සඳහා 97 ක් ලෙස රජය නව සහතික මිලක් නියම කොට ඇත.

පෞද්ගලික වෙළෙඳුන් වැඩි මිල ගණන් යටතේ වී මිල දී ගැනීමට කටයුතු කරමින් සිටින බව ද කියති.

කෙසේ වෙතත්, ගොවීන් කියන්නේ වී අස්වැන්න අඩකින් අඩු වී ඇති බවයි. විකිණීමට ප්‍රමාණවත් වී තොග නැති  බවත්, තමන්ගේ ණය ගෙවා ගැනීමට වත් මෙවර හැකියාවක් නැති වීමෙන් තමන් අසරණ වී ඇති බවත් ගොවීහු කියති.

මේ අතර විවිධ මාර්ග වලින් රසායනික පොහොර ලබාගත හැකි වූ ගොවීන්ට හොඳ අස්වනු ලැබී ඇති බව වාර්තා වන අතර වී මිල ඉහළ යාමේ වාසිය ද ඔවුන්ට හිමි වී තිබේ.

තේ සඳහා ලබාදුන් රසායනික පොහොර වැඩි මිලට ලබාගෙන වගා කටයුතු කළ සුළු පිරිසකට මෙලෙස සරු අස්වනු හිමි වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *