ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ණයට පරිප්පු ඉල්ලයි !

 

පරිප්පු සහ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් නිකුත් නොකිරීම නිසා මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ යාම සඳහා වෙළෙඳ අමාත්‍යාශය මෙම පියවර ගෙන ඇති බව කියති.

තවත් ඩොලර් මිලියන 200 ක් ණයක් පකිස්ථානයෙන් ලබා ගැනීමට ද වෙළෙඳ ඇමතිවරයා මේ වන විට පියවර ගෙන ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් මුදා ගැනීමට ඩොලර් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලය පුරා ප්‍රකාශ කළ ද ප්‍රමාණවත් ලෙස මුදල් නිකුත් නොකිරීම නිසා සහල් කන්ටේනර් 500 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1700 ක් පමණ මේ වනවිට වරායේ සිර වී තිබේ. ඒවා මුදා ගැනීමට වෙළෙඳ ඇමතිවරයා ගත්  උත්සාහයන් මේ වනතෙක් සාර්ථක වී නැත.

මෙම තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට විවිධ රටවලින් ණය ලබා ගැනීමට රජය කටයුතු කොට ඇති අතර ඉන්දියානු ණය සමග පකිස්ථානයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ලබා ගත හැකි වුවහොත් උත්සව සමයට හිගයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා දීමට හැකි වනු ඇති බව වෙළෙඳ අමාත්‍යංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *