කොවිඩ් මරණ 28 ක් , නව ආසාදිතයින් 1287 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්ස් ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ කොවිඩ් මරණ 28 ක් තහවුරු කොට ඇති අතර හඳුනාගත් නව ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 1287 කි.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,572 ක් ලෙස සටහන් වී තිබේ.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 617,179 ක් වශයෙනි.
මේ අතර ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම සඳහා සම්පුර්ණ එනනත්කරණයට ලක්ව සිටීම අප්‍රේල් 30 දා සිට අනිවාර්ය බවට අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රජය අද ප්‍රකාශයට පත්කරනු ලැබී ය.
