“මම විපක්ෂයේ නොවෙයි” – එජාප නායක රනිල් වික්‍රමසිංහ

තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය නොකරන බවත්, විපක්ෂය වෙනුවෙන් කතා කිරීමට තමන්ට නොහැකි බවත්, එක්සත්  ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවේ ද තමන්ට නියෝජනයක් නැති බව ද ඒ මහතා කී ය.

එම තත්ත්වය යටතේ  තමන් නියෝජනය කරන්නේ තමන් පමණක් බව කී වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල විදේශ ගතව සිට පැමිණි නිසා පාර්ලිමේන්තුවේ සිදු වූ දේ දැනගැනීමට අවශ්‍ය වූ බව ද කී ය.

ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින කිහිපයක් විදේශ ගතව සිටියේ ය.

අබුඩාබි නුවර පැවති ඉන්දියන් සාගර සමුළුවට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *