රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයකු සහ දේශපාලන මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කොට ඇති රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 83 වන වියෙහි පසුවිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *