ඉදිරි සති කිහිපය තුළ දේශපාලන පෙරළියක් ! ආණ්ඩුවේ කැරැල්ලක් !!

මෙරට දේශපාලනයේ පෙරළිකාරී සිදුවීමක් ඉදිරි සති කිහිපය තුළ සිදුවනු ඇතැයි දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් පවතියි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මෙහෙයවීමෙන් පසුගිය 29 දා පැවති ප්‍රසිද්ධ රැස්වීමේ දී විමල් වීරවංශ , උදය ගම්මන්පිල ඇමතිවරුන් රජයට එල්ල කළ දැඩි විවේචනය, තමන්ට වෙනත් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයි වාසුදේව නානායක්කාර , තිස්ස විතාරණ, දයාසිරි ජයසේකර මහත්වරුන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශ ආදිය මගින් ඔවුන්ගේ ඉදිරි සැලසුමක් ඇති බව පැහැදිලි වන බව දේශපාලන අංශ කියයි.

මෙය නිදහසින් පසු පැවති ඔල මොට්ටල ම ආණ්ඩුව බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ  ඩිව් ගුණසේකර මහතා ද පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී හිටපු ආමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගිය දා කීවේ ආණ්ඩුවට කිසිදු දේශපාලන හෝ ආර්ථික හෝ ඉදිරි දැක්මක් නැති බව සහ මෙහෙම ගියහොත් විකල්පයක් බිහිවීම වැළක්විය නොහැකි බවයි. ආණ්ඩු පක්ෂයේ තවත් පිරිස් තැන් තැන්වල ආණ්ඩුව විවේචනය කළ බව ද වාර්තා වී ය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා කියන්නේ මේ යන මාර්ගය වහාම වෙනස් නොකළ හොත් ගමට යන්නට බැරි තත්ත්වය වඩාත් බරපතළ වන බවයි.

මේ සියල්ල මගින් ඉතා ඉක්මන් දේශපාලන පෙරළියක ලකුණු පෙන්නුම් කරන බව දේශපාලන අංශවල විශ්වාසය වී තිබේ.

ඇතැම් ආරංචි මාර්ග කියන්නේ ආණ්ඩුව ඇතුළේ කැරැල්ල ඉදිරි සති කිහිපය තුළ කරලියට පැමිණිය හැකි බව යි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 52 ක් පමණ මෙම කැරැල්ලට සහය දෙන බව ද කියති.

කෙසේ වෙතත්, කැරලිකාර පිරිස් ප්‍රකාශ කොට ඇත්තේ තමන්ගේ අරමුණ ආණ්ඩුව රැක ගැනීම බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *