යුගදනවී රහස් ගිවිසුම රනිල් ඉල්ලයි ; දිනේෂ් දෙන්න එකඟ වෙයි

කෙරවලපිටියේ යුගදනවී විදුලි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි සමාගමට ලබා දීමට පසුගියදා ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර එය ඉදිරි කාලයේ ලබා දීමට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා එකඟත්වය පළ කළේ ය.
රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එම ගිවිසුම ගැන දේශපාලන ස්ථාවරයක් ගැනීම සඳහා ගිවිසුම අධ්‍යයනය කිරීම අවශ්‍ය බව සහ එබැවින් එය වහා ම පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බව යි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි දී ප්‍රකාශ කළේ එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට පවා ලබා නොදුන් බවට කැබිනට් ඇමතිවරුන් චෝදනා කරන බව යි.
එම අදාළ ගිවිසුම ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා එහි දී පොරොන්දු වී ය.
මෙම ගිවිසුම මෙතෙක් කිසිදු ආකාරයකින් හෙළිදරව් වී නැත.
විදුලි බල මණ්ඩලයේ සභාපති ෆර්දිනාන්දු මහතා පසුගිය දා කීවේ ගිවිසුමේ ඇති සංවේදී කරුණු නිසා එය හෙළිදරව් කළ නොහැකි බව යි.
