ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වන ඇමති පෝලිමේ


ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව කියන ඇමතිවරුන් අතරට ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇමතිවරුන් දෙදෙනා ද එක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම දෙදෙනාගේ ඉල්ලා අස්වීමේ තර්ජනයට හේතු වී ඇත්තේ එම අමාත්‍යංශ වලට ජනාධිපතිතුමා විසින් පත්කොට ඇති අමාත්‍යංශ ලේකම්වරුන් ඇමතිවරුන් පාලනය කිරීමට උත්සාහ දරමින් සිටීම බව කියති.
ජී එල් පීරිස් මහතගේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ධුරය දරන්නේ හිටපු නාවික හමුදා නිලධාරියකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේ ය. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන්නේ වියත්මගෙහි ප්‍රබලයකු බව කියන මහාචාර්ය කපිල පෙරේරා ය.
ජී එල් , දිනේෂ් ඇමතිවරුන් කියන්නේ මේ දෙදෙනා සමග වැඩ කළ නොහැකි බව යි. ඔවුන් අස් නොකරන්නේ නම් තමන් ඇමති ධුරවලින් ඉවත්වන බව මේ දෙදෙනා වෙන වෙනම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත දන්වා ඇති බව ද වාර්තා වෙයි.
