අද කොවිඩ් වාර්තාව : මරණ 15 යි ; නව ආසාදිතයින් 626 යි

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ තවත් මරණ 15 ක් රජය අද දිනය තුළ තහවුරු කොට ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව ඒ අනුව සටහන් වන්නේ 13,856 ක් වශයෙනි.

නව කොවිඩ් ආසාදිතයින් 626 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගනු ලැබූ බව රජය වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 545,256 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *