රටේ ඩොලර් සංචිතය බිලියන 2.2 ට බසී

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඔක්තෝබර් මස අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.267 ක් ( මිලියන 2,267 ක් ) දක්වා පහත වැටී ඇති බව වාර්තා වෙයි.
මෙය 2019 අගෝස්තු මස සමග සැසදීමේ දී සියයට 73 කින් පහත වැටීමකි.
පසුගිය සැප්තැම්බර් අවසානයේ සංචිත පැවතියේ ඩොලර් බිලියන 2.7 ක් හෙවත් මිලියන 2,704.2 ක මට්ටමේ ය.
ඒ අනුව මාසය තුළ ඩොලර් සංචිතය මිලියන 436,7 කින් පහත වැටී තිබේ.
