කබ්රාල්ගේ මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට ඉල්ලමක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ක්‍රියාත්මක කොට ඇති පොලී ප්‍රතිපත්ති මගින් වාණිජ බැංකුවලට කිසිදු අනතුරකින් තොරව මහ බැංකුවේ මුදල් මහ බැංකුවට ණයට දී ලාභ ලැබීමේ ඉල්ලමක් පාදා දී ඇති බව වාර්තා වෙයි.

එය සිදුකොට ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් සඳහා මහ බැංකුව ගෙවන පොලී අනුපාත සියයට 8.5 දක්වා ඉහළ ගොස් තිබිය දී වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් සියයට 6 ක පොලියකට මුදල් සැපයීම මගිනි.

මේ නිසා මහ බැංකුවෙන් සියයට 6 ක පොලියට මුදල් ලබාගෙන සියයට 8.5 ක පොලියට මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කොට කිසිදු වියදමකින් තොරව ආදායම් ලැබීමට වාණිජ බැංකුවලට අවස්ථාව ලැබී තිබේ.

මෙහි දී සිදුවන්නේ මහ බැංකුවේ ම මුදල් මහ බැංකුවට ම ණයට දී පොලී උපයා ගැනීම යි.

මෙලෙස මීට පෙර කාලයන්හි  මහ බැංකුවේ මුදල් මහ බැංකුවට ණයට දී විශාල ලෙස සිදු වූ අයතා මුදල් ඉපයීම් පිළිබඳව මහ බැංකුවෙන් කළ වෝහාරික විගණන වාර්තා ගණනාවක් මගින් පෙන්වා දී තිබිණි.

දැන් මේ ආරම්භ වී ඇත්තේ තවත් එබඳු ක්‍රියාවලියක් බව පෙනෙන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *