එජාප තනතුරු එපා කියූ රවී, නවීන් කණ්ඩායමට යළි තනතුරු ඉල්ලයි !

 

පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා රුවන් විජේවර්ධන මහතා සමග කළ තරඟයෙන් රවී කරුණානායක මහතා පරාජයට පත්වීමත් සමග පක්ෂයේ කිසිදු තනතුරක් භාර නොගෙන ඉවත්ව ගිය රවී කරුණානායක, නවීන් දිසානායක, අරජුන රණතුංග කණ්ඩායමට පක්ෂයේ තනතුරු ලබා දිය යුතු බවට අලුත් ඉල්ලීමක් ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වූ බව වාර්තා වෙයි.

කිත්සිරි අනුරාධනායක මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇත.

පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේ දී රුවන් විජේවර්ධන මහතා ජයගත් අතර රවී කරුණානායක මහතා පරාජයට පත්විය. එම අවස්ථාවේ වෙනත් තනතුරක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් රවී, අර්ජුන කණ්ඩායම ඉවත්ව ගියේ ය.

පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මහතා පත්කරනු ලැබුව ද  ඒ මහතා එම තනතුර භාර ගැනීමෙන් වැළකී සිටියේ ය.

මෙම කණ්ඩායම ටික කලක් පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් වැළකී සිටිය ද, පසුව රවී කරුණානායක මහතා එයට සහභාගී වූ බව වාර්තා වීය.

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එම කණ්ඩායමේ ප්‍රබලයින් වන රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න යන සියලු දෙනා සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *