ඇමති බන්දුලගේ නීති විරෝධී ” බඩු පහේ ” කොන්දේසිය වහා ම ඉවතට !

සතොස ආයතනයෙන් හාල් හෝ සීනි මිල දී ගැනීම සඳහා වෙනත් භාණ්ඩ පහක් මිල දී ගත යුතු බවට ඇමති බන්දුල ගුණවර්ධන මහතා පනවා තිබු කොන්දේසිය වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සතොස ආයතනය කටයුතු කොට ඇත.

එලෙස කොන්දේසි පැනවීම පාරිභෝගික සේවා අධිකාරී පනතට පටහැනි බව විවිධ පාර්ශව විසින් පෙන්වා දීම නිසා එම කොන්දේසිය ඉවත් කොට තිබේ.

පාරිභෝගික සේවා පනතට අනුව කිසිදු භාණ්ඩයක් මිල දී ගැනීමේ දී තවත් භාණ්ඩ මිල දී ගැනීමට කොන්දේසි පැනවීම නීති විරෝධී වන අතර දඬුවම් ලැබිය හැකි වරදකි.

ඇමතිවරයා අදාළ කොන්දේසිය පැනවීමෙන් පසුව විවිධ පාර්ශව විසින් මෙම ක්‍රියාවේ නීති විරෝධී බව පෙන්වා දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *