කිසිදු ඉදිරි දැක්මක් නැති ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග අසාර්ථකයි – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

කිසිදු ඉදිරි දැක්මක් නැති ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග අසාර්ථක බවත් මේ ආකාරයට මේ රට ආසියාවේ දුප්පත් ම රට වීම වැළක්විය නොහැකි නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී පෝලිම් යුගයක් නිර්මාණය වී තිබෙන බව ද,මෙම තත්ත්වය දිගට ගියහොත් විකල්ප බලවේග මතු වීම වැළක්විය නොහැකි බවත්, ඒ මහතා ප්‍රකාශ කළේ ය.
ඇමැතිවරුන් කියන කිසිම දෙයක් අද ජනතාව විශ්වාස නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා ඇමැති මණ්ඩලය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද ප්‍රකාශ කළේය.
ජනතාවගේ මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මේ ආකාරයට දිගින් දිගටම අහස උසට නගිද්දී රටක් පාලනය කිරීම දුෂ්කර වනු ඇතැයිද ප්‍රියදර්ශන මහතා පැවසුවේය.
